Gossips

රන්ජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් ජනතාව අතර කැළඹීමක් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව පොලිසිය වහා විමර්ශනයක් සිදුකළ යුතු බව සිංහළේ අපි සංවිධානය පවසනවා.
සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් අද පොලිස් මුලස්ථානයට පැමිණ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
මේ අතර මන්ත්‍රීවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයන් අදහස් පළ කළා.