Gossips

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3වනදා සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3 වන දා සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, පාසල් අයඳුම්කරුවන් හාර ලක්ෂ 22,850 දෙනෙකු පෙනී සිටිනවා.
ඊට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන් දෙලක්ෂ 33,791 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.
එසේම රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ සහ මැගසින් බන්ධනාගාරයේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.