Gossips

රිය අනතුරකින් එකම පවුලේ 3ක් මරුට

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
අද පස්වරු 2.35 ට පමණ ත්‍රී රෝද රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව, පියා සහ පුත්‍රයායි.
බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ ජිප් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රී රෝද රථයේ රියදුරා, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා බණ්ඩාරගම සහ පානදුර රෝහල්වලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.
47 හැවිරිදි ත්‍රී රෝද රථයේ රියදුරා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පොලිස් මුරපොලට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 40 ක් වන අතර පිරිමි ළමයාගේ වයස අවුරුදු 15 ක්.
ඔවුන් කරන්දෙණිය ගලගාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.