Gossips

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 30 ක් මරුට

පේරු රාජ්‍යයේ අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.
බස් රථය මීටර් 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී මුහුදට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇත්තේ අධිවේගී මාර්ගයේ පාලමක් පැවති ස්ථානයකදීයි.
Chala නුවර සිට Arequipa වෙත පිරිසක් රැගෙන යමින් තිබු බස් රථයක් මෙලෙස ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.
එහි ගමන් කිරීමට පුද්ගලයන් 45 ක් ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් පිරිසක් අතරමගදී බස් රථයට නැගීමට සිටි බව සඳහන්.
තවත් පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇතැයි සඳහන්.
මෙම අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
පසුගිය ජනවාරි මාසයේදී ද පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පනස් දෙදෙදෙනකු ජීවිතක්ෂයට පත්වුනා.