Gossips

රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ පෙත්සමත් දෙසැම්බර් 4 වනදා සලකා බැලේ

විසුරුවා හැර තිබු පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීන්දුව මගින් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් විරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබුවා.
ඒ අගවිනිසුරු නලින් පෙරේරා, එල්.ටී. බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ලබන මස 4 වනදා විභාග කිරිමට නියමිත ඊට අදාළ අනෙකුත් පෙත්සම් සමග මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ද සලකා බැලීමටයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අදාළ ගැසට් නිවේදනය ලබන දෙසැම්බර් 7 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ අනුව, අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන දෙසැම්බර් 4,5 සහ 6 යන දිනවලදී විභාග කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිවේදනය කළේ.