Gossips

පාර්ලිමේන්තුව කල් තබයි

ආණ්ඩු පක්ෂ සාමාජිකයින් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළ අවස්ථාවේ කතානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිලිබඳ ඡන්ද විමසීමක් පැවැත්වුවා.
එම ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 121 ලැබුන අතර අනික් මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමට සභා ගැබේ සිටියේ නෑ.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ සාමාජිකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් කියාසිටියේ කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ක්‍රියාකළ බවයි
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඛේදනීය අවස්තාවක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
මේ අතර එළඹෙන 27 සහ 29 වන දින පාර්ලිමේන්තු යළි රැස්වන බව කතානායකවරයා දැනුම් දෙනු ලැබුවා