Gossips

මහියංගනය – මාපාකඩවැව දී වනඅලි ප්‍රහාරයකින් දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ නව හැවිරිදි සහ එකොලොස් හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඊයේ රාත්‍රියේ මෙම කුඩා ගැහැණු ළමයින් දෙදෙනා නිවසේ සිටියදී වන අලියෙකු එහි එක් බිත්තියක් කඩා ඇති බව සදහන්.
පසුව, ගැහැණු ළමයින් දෙදෙනා නිවසින් එළියට පැන දිවගොස් ඇති අතර, එහිදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.