Gossips

ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.
මෙම තරගය සදහා ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහභාගි නොවන අතර, වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට විසින් ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ඇති.
ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම මේ වනවිට ජයගෙන තිබීම හේතුවෙන් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තම රටේ ගෞරවය ආරක්ෂා කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙසයි ක්‍රීඩා විචාරකයන් හදුන්වන්නේ.
එමෙන්ම, තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගෙන අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය කරා ළංවීමට එංගලන්තය උත්සාහ කරනු ඇති.