වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් කලාප දෙකක වනජීවි නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ කන්තලේ – ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ රාජකාරී කළ වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පසුගියදා මෙලෙස පහරදී ඇති බවයි.
ඒ හේතුව නිසා මහවැලි කලාපයේ සහ ත්‍රිකුණාමලය වනජීවි කලාපයේ සේවය කරන සියළුම වනජීවි නිලධාරීන් රාත්‍රි රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ.