Gossips

දිවයින පුරා මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි – උඩවලවේ වාන්දොරටු 5ම විවෘත කෙරේ

දිවයිනේ වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත්වලට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, අධික වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමකට පැමිණීම නිසා උඩවලව ජලාශයේ වාන්දොරටු පහම මේ වනවිට විවෘත බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
කෙසේ නමුත්, ඊයේ ජලයෙන් යටවී තිබූ අකුරණ නගරයේ ජලය බැස ගොස් ඇති බව සදහන්.
ඒ හේතුවෙන් අවහිර වී තිබූ මාතලේ – මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
අද දිනයේ මුහුදුබඩ ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.