Gossips

අධික වේගය කුඩා දරුවෙකුට මරු කැඳවයි

බදුරලිය මෝල්කාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් වයස අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ (21) සවස මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් මියගොස් ඇත්තේ බදුරලිය මෝල්කාව ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙක්.
එම දරුවා අසල්වාසි වැඩිහිටි අයෙකු සමග මෝල්කාව බදුරලිය ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන අවස්ථාවේ මෝල්කාව සිට බදුරලිය දෙසට වේගයෙන් ගමන් කළ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුකල යතුරුපැදිය පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පළාගිය යතුරු පැදිකරු සොයා බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන අකාරය වෙළඳසැලක තිබූ සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
එම වීඩියෝව පහතින්.