Gossips

එජාප මන්ත්‍රීවරුන්ට රනිල්ගෙන් අවවාද

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.
මාධ්‍ය සාකච්ඡාවලදී සහ වෙනත් වැඩසටහන් වලදී පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනුයි ඔහු මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
ඒ ඒ විෂය පිළිබඳව ප්‍රමාණවත් දැනුම්වත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවට ද එමගින් දැනුම් දී තිබෙනවා.