Gossips

මහ මැතිවරණය අත්හරින්නැයි ජනපතිට ඉල්ලීමක්

ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමේ අදහස ඉවත් කර ගන්නා ලෙස අමාත්‍ය එස්.බී.දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
ඒ, කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර ඉවත් කරගත හැකි බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.