Gossips

රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීම ගැන ලේකම්වරුන්ට උපදෙස්

ජනාධිපති ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්
රාජ්‍ය ආයතන වල පුරප්පාඩු පිරවීමේදී නැවත දැනුම්දෙනතුරු සුදුසු රාජ්‍ය නිලධාරියෙකු වැඩ බැලීම සඳහා පත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලූ අමාත්‍යාංශ ලේකම්වරු වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවල පුරප්පාඩු පවතී නම් ඒ සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මට්ටමින් සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කරන ලෙසයි ප්‍රකාශ කර ඇත්තේ.
එසේම අදාළ ආයතනවලට වෙනත් සුදුසු රාජ්‍ය නිලධාරියෙකු හෝ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු පමණක් වැඩ බැලීම සඳහා පත්කරන ලෙසත් ඒ පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා දන්වා තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ ඊට අදාළ උපදෙස් චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇති බවයි.