Gossips

ඩෙන්මාර්කය විසින් සෞදි අරාබියට යුද උපකරණ ලබාදීම අත්හිටුවයි

මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා.
මේ වනවිට ජර්මනිය ද සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවා ඇති අතර, ප්‍රංශය ප්‍රකාශ කළේ ලබන සඳුදා සම්බාධක පනවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තෙල් මිල අඩු කිරීමට උපකාර කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියට සිය ප්‍රශංසාව පළ කළා.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ කශෝගිගේ ඝාතනයට එරෙහිව සෞදි අරාබියට සම්බාධක පනවන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයාට එරටින් එල්ල වන බලපෑම් මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.