Gossips

නව හැවිරිදි දියණිය මවක් කළ පියා පොලිස් දැලේ

සිය නව හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසනවා.
සැකකාර පියා කුලියාපිටිය, ඇඹව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අතින් අපයෝජනය ලක්වූ දැරිය මේ වනවිට සිව්මස් ගැබිණියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුගියදා දැරියට ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් කුලියාපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදී සිදුකළ පරික්ෂා කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඇය සිව්මස් ගැබිණියක් බවයි.
සැකකාර පියා සිය දියණිය වැඩිවියට පත් අවස්ථාවේ පටන් වරින් වර මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවට ඇය ලබාදුන් තොරතුරු මත පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
දැරියට උපත් පාලන ඖෂධ ලබාදී සැකකාර පියා විසින් කලක සිට අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
සැකකරු තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවයේ නියැලී සිටින බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට ගැනුණු සැකකාර පියා කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට නියෝග කළ බවයි.