Gossips

සඳහම් යාත්‍රා 44 වන දම් සභා මණ්ඩපය ජනපති ප්‍රධානත්වයෙන්

සඳහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 44 වන දම් සභා මණ්ඩපය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණා.
ඒ, පන්නිපිටිය – රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරයේදියි.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව ජනාධිපතිවරයා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමටද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.