Gossips

යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේදී අද(22) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඇඟේ සැමියා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මිය ගිය කාන්තාව සිල් සමාදන් වීම සදහා යමින් සිටියදීයි මේ අනතුරට ලක්ව ඇත්තේ.
ටිපර් රථයේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන් ඇති අතර ඔහු අද (22) අතනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.