Gossips

රජයේ නිලධාරීන්ට වාහන සහන දෙන්න අලූත් චක්‍රලේඛයක්

රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වාහන ආනයනය කිරීමේදී පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ චක්‍රලේඛය නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
2018 අයවැය යෝජනාවලින් අදාළ වාහන ආනයන පහසුකම සංශෝධනයට ලක් කර තිබුණා.
නව චක්‍ර ලේඛය අනුව පළමු කාණ්ඩයේ නිලධාරීන් සඳහා යෝජනා වූ රුපියල් මිලියන 9 වෙනුවට ගෙවිය යුතු බද්දෙන් මිලියන 22 ක් අඩු කිරීමෙන් පසු වටිනාකම ලෙස සංශෝධනයක් එක් කර තිබෙනවා.
දෙවන කාණ්ඩයේ නිලධාරීන්ට රුපියල් මිලියන 16 ක සහනයක්ද, තුන්වන කාණ්ඩයේ නිලධාරීන්ට රුපියල් මිලියන 12 ක සහනයක් මෙමගින් ලබාදී තිබීම විශේෂත්වයක්.