Gossips

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ප්‍රබල දූවිලි කුණාටුවක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හරහා අද පෙරවරුවේ ප්‍රබල දූවිලි කුණාටුවක් හමා ගිය බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
වර්ග කිලෝමීටර 500 ක පමණ ප්‍රදේශයක් හරහා හමාගිය මෙම දූවිලි කුණාටුවේ වියලි පස් අංශු විශාල ප්‍රමාණයක් අඩංගු වූ බවයි පැවසෙන්නේ.
කුණාටුවත් සමඟ සිඩ්නි නගරය පුරා අයහපත් ආලෝක තත්වයක් දක්නට ලැබුණු බව සඳහන්.
පවතින වියලි කාලගුණය මීට හේතුවී ඇති අතර, 2009 වසරේදීද මෙවැනි දූවිලි කුණාටුවක් සිඞ්නි නුවර හරහා හමාගියා.
කෙසේ වෙතත් අද බලපෑ දූවිලි කුණාටුවෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ.
එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම දූවිලි කුණාටුව හේතුවෙන් වසංගත රෝග පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බවයි.