තලවාකැලේ-නුවරඑළිය ප්රධාන මාර්ගය අසල තිබූ නුග ගසක කොටසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවුනා.
මල්ලි අප්පුව ප්රදේශයේ ගණදෙවි කෝවිලක් අසල පිහිටි නුග ගසක කොටසක් මෙලෙස මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකිරීම හේතුවෙන් ගස කඩා වැටීමෙන් සිදුවන්නට තිබූ විශාල අනතුරක් වැළකීගොස් තිබෙනවා.
මෙම නුග ගස වසර 200 කට වඩා පැරණි නුග ගසක් බවටයි වාර්තා වන්නේ.
නුග ගස කඩා වැටීමත් සමඟ මාර්ගය අසල තිබූ විදුලි රැහැන් පද්ධතියට ද ඉන් හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්රදේශයේ විදුලි සැපයුමද අද උදෑසන විසන්ධි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තලවාකැලේ හා ලිඳුල පොලීසිවල නිලධාරීන් ඒකාබද්ධව ගස කපා ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි වාර්තා වන්නේ.
(ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)