Gossips

රජ කුමරුට එරෙහි ජාත්‍යන්තර ඉල්ලීම් සෞදිය ප්‍රතික්ෂේප කරයි

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුට කිරුළ ලබා නොදෙන ලෙසට ඇමරිකානු කොංග්‍රසය ඇතුලූ ජාත්‍යන්තරය සිදුකරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල්ජුබෙයිර් පවසනවා.
ඔහු කියා සිටියේ කුමරු ඇතුලූ රජ පවුල ජනතාව පිළිගන්නා බැවින් එලෙස ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය ක්‍රියාවක් බවයි.
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ සිද්ධියට සෞදි ඔටුන්න හිමි කුමරුගේ මැදිහත්වීමක් සිදුවූයේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රසය පරීක්ෂණයක් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ කුමන චෝදනා පැවතියත් සෞදිය සමඟ පවතින සබඳතා අත් නොහරින බවයි.