Gossips

තම නැගණිය ගැබිනියක් කළ සොහොයුරා රිමාන්ඩ්

තම නැගණිය බරපතළ ලෙස අපයෝජනය කළ තරුණයෙකු එළඹෙන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගියදා අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මියයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක්.
අදාළ දැරියගේ වැඩිමහල් සහෝදරයා වන 17 හැවිරිදි තරුණයෙකුයි සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මිනුවන්ගොඩ හොරගස්‌මුල්ල ප්‍රදේශයෙන්.
මීට මාස 04 කට පමණ ඉහත දිනක අලුයම් කාලයේදී දැරිය ඇයගේ සොහොයුරා වෙතින් අපයෝජනයට ලක්ව ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.
එදින රාත්‍රියේ තමන්ගේ කාමරය තෙමෙන බව පවසමින් අදාළ සැකකාර තරුණයා තම නැගණිය සිටි කාමරයට පැමිණ නිදාගෙන තිබෙනවා.
පසුව අලුයම් කාලයේදී දැරියට මරණ තර්ජනය සිදුකරමින් සැකකාර වැඩිමහල් සොහොයුරා විසින් දැරිය අපයෝජනය කර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
පසුව දැරියට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකළ විටදී අනාවරණ වී ඇත්තේ ඇය ගැබිනියක් බවයි.
ඒ අනුව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.