Gossips

මාලදිවයින් හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණයට සිරගත කළ ශ්‍රී ලාංකිකයා නිදහස්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වසර තුනකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි ළහිරු මධුශංක එරට අධිකරණය මගින් අද නිදහස් කර තිබෙනවා.
2015 වසරේ ඔක්තෝම්බර් 23 වැනිදා අත්අඩංගුවට ගත් මාලඹේ – වැව පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන මොහු 2016 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නඩු විභාගයකින් තොරව මෙලෙස රඳවාගෙන තිබුණා.
කෙසේ වෙතත්, අද පැවති නඩු විභාගයේදී චෝදනා නොමැති වීම නිසා ඔහුව මාලදිවයින් අධිකරණය මගින් නිදහස් කළ බවයි එරටට ගොස් සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
සිය පුත්‍රයාට නිදහස ලැබීම සම්බන්ධයෙන් ළහිරු මධුශංකගේ මවද සතුට පළ කළා.