Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙනවා.
ඔහු පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කරන බව සඳහන් කළා.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද එක්ව සිටි බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.