Gossips

බලපිටිය ප්‍රා.ස. රැස්වීම උණුසුම්

බලපිටිය ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන්.
පාලක පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද මෙහිදී කළු පටි පැළඳ සභාවට පැමිණ සිටියා.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එහිදී ප්‍රකාශ කළේ් වත්මන් රජය නීතිවිරෝධීව කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, කතානායක කරූ ජයසූරිය නීතිවිරෝධීව කටයුතු කරන බව පවසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව විරෝධය පළ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.