Gossips

සෙවණගලින් සහ මීරිගමින් සැකකටයුතු මළ සිරුරු හමුවේ

සෙවණගල – දිනූෂගම ප්‍රදේශයේ පිහිටි වනජිවි කාර්යාලය ඉදිරිපිට දොළ පාරක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ සොයා ගෙන ඇති මෙම මළ සිරුර සෙවණගල එකමුතුගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකුගේ බවයි පොලීසිය පැවසුවේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර, මීරිගම – ඉදිපරපෙ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද හමුවුණා.
ඊයේ සොයා ගත් මෙම මළ සිරුර 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ බවයි පොලීසිය කියා සිටියේ.