Gossips

නැවේ ගැටුණු සදෙව් ,මධුෂ මුදාගනී

කිරින්දට ආසන්න මුහුදේදී නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි ධීවරයින් පස්දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවකින් මුදාගෙන තිබෙනවා.
කුඩාවැල්ලෙන් මුහුදු ගිය සදෙව් – 1 නැමති මෙම ධීවර යාත්‍රාව අද අලූයම අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි ධීවරයින් මධූෂ – 2 නැමති බහුදින ධීවර යාත්‍රාව මගින් මුදාගෙන ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ ධීවරයින් මේ වනවිට හම්බන්තොට වරාය වෙත රැගෙන එමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටිය