Gossips

දෙමළ ජාතික සන්ධානය තානාපතිවරු හමුවෙයි

දෙමළ ජාතික සන්ධානය සහ මෙරට සිටින මහකොමසාරිස්වරුන් මෙන්ම තානාපතිවරුන් අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි අද පැවැත්වුණා.
පැයකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඇතුලූ රටවල් 16 ක් නියෝජනය කරන බටහිර රටවල තානාපතිවරුන් සහ එහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් එක්ව සිට ඇති බව සඳහන්.
එමෙන්ම ඒ සඳහා යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන මෙරට නියෝජිතයින්ද එක්ව සිටි බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙනවා.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන් සහ සෙල්වම් අඩෙක්කලනාදන්, ඇතුලූ පිරිසක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව සිටි බව එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.