Gossips

දිල්ලි මහ ඇමතිට මිරිස්කුඩු

ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ආම්ආද්මි පක්ෂයේ ජාතික කැඳවුම්කරු අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
අද දහවල් ඔහු සිය කාර්යාල කාමරයේ සිට දිවා ආහාරය සඳහා පිටතට පැමිණෙද්දි කිසියම් පුද්ගලයෙකු විසින් මෙලෙස ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පසුව එම පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.