Gossips

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,149 ක්

වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 43,149 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 8364 ක්. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4628 ක් වාර්තා වන අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2594 ක් වාර්තා වනවා.
නොවැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ 1683 දෙනෙකු වාර්තාවී ඇති අතර, රෝගීන් 6455 ක් වන මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ජූලි මාසයේයි.