Gossips

වැසි වැඩි වෙයි – මුහුදු ගමන් අවදානම්

දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා වැඩි තද වැසි අද දිනයේ ඇති විය හැකි අතර, අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මුලතිව්, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව එම කටයුතුවලින් වළකින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ.
මේ අතර, අද පෙරවරු 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හම්බන්තොට – මත්තල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 90.9ක්.