Politics Sri Lanka

ධීවර හා ජලසම්පති දෙපාර්තමේන්තුවට අමුතු නීතියක්

ධීවර හා ජලසම්පති දෙපාර්තමේන්තුවට අමුතු නීතියක්

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණිවල නිලදාරීණ් විසින් ඊට පහළ ශ්‍රේණිවල සේවකයින් සඳහා මෙතෙක් අනුගමණය නොකළ අමුතු නීතියක් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මෙම නීය පැනවීමට කටයුතු කර ඇත්තේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අද (21) පවත්වා ඇති, මේ වසරේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ රැස්වීමක් අතරතුරදී ය.

එහිදී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් විසින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ එම ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන් සඳහා පහළ ශ්‍රේණිවල සේවකයින් “මැඩම්” සහ “සර්” ලෙස ඇමතිය යුතු බවයි.

කෙසේ නමුත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නොවන ශ්‍රේණිවල උපාධිධාරීන්ද විශාල පිරිසක් සිටින අතර මෙවැනි යෝජනාවක් මගින් ඔවුන්ට “මැඩම්”, “සර්” ලෙස බලෙන් කියවා ගැනීම විහිලු සහගත තත්වයකි.

මේ සම්බන්ධයේන සේවක විරෝධයද එල්ල වෙමින් තිබේ.