Gossips

ඉන්දියාවේ හදිසි අනතුරකින් 6 දෙනෙකු මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වදා නගරයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ හමුදා කඳවුරකට අයත් ගබඩාවකට අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
එම අවස්ථාවේදී පුද්ගලයින් 4 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, අනෙක් දෙදෙනා මිය ගොස් ඇත්තේ රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.