යාපනයේ හිටපු මහාධිකරණ විනිසුරු මනික්කවාසගර් ඉලංචේනියන් ඉලක්ක කර ගනිමින් යාපනයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් හමුවට ඊයේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි සැකකරුවන් මෙලෙස මුදා හැර ඇත්තේ.
ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර මොවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
මීට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මොවුන්ට නියෝග කෙරුණා.