Gossips

අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාවට

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඕස්ට්‍රේලියාව බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතයි.
ඒ අනුව ඔහු එළඹෙන 23 වනදා බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පරීක්ෂණයකට මුහුණ දෙනු ඇති.
එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට ජාත්‍යන්තර ක්‍ර‍්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළා.
චෝදනාවට ලක්වූ ක්‍රීඩකයෙකු දින 14 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පරික්ෂණයකට භාජනය විය යුතු වනවා.
එංගලන්තය සමඟ අනිද්දා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය සඳහා අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.