හසලක – කොලොංගොඩ ප්රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනෙකු ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් මහියංගනය මහේස්ත්රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුවන් මීගමුව සහ කොළොංගොඩ යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 24ත්, 42ත් අතර වයස්වල පසුවනවා.