Gossips

යේමනයේ හුඩයාඩ් වරාය ඉලක්ක කරගෙන ගැටුම් තවදුරටත්

යේමනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඩ් වරාය අත්පත් කර ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සහ හවුති කැරලිකරුවන් අතර තවදුරටත් ගැටුම් පවතිනවා.
මේ වන විට ප්‍රහාරක ගුවන් යානා මගින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ද එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ගැටුම් හේතුවෙන් එරට මිලියන ගණනකට ආසන්න පිරිසක් සාගතයකට මුහුණ දී තිබෙනවා.
පවතින මෙම ගැටුම් පාලනය කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය ද දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
යේමනයේ පවතින මෙම ගැටුම්වලින් 2015 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් දහස් ගණනක් මිය ගොස් තිබෙනවා.