Gossips

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන්ට යොමු කෙරේ

අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටළු ඇත්නම් ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
පසුගිය සිකුරාදා වන විට සියළුම සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
ලබන මස 3 වන දා සිට 12 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටිනවා.