Gossips

ඉම්රාන් ඛාන්ගෙන් ට්‍රම්ප්ට වාග් ප්‍රහාරයක්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ, පාකිස්තානය ත්‍රස්තවාදීන්ට දර – දිය සපයන බවට ජනපති ට්‍රම්ප් කළ චෝදනාවකට පිළිතුරු වශයෙන්. ඔසාමා බින් ලාඩ්න් සැඟවී සිටි ස්ථානය පාකිස්තාන බලධාරීන් දැන සිටින්නට ඇති බවත්, ඔවුන් ඇමරිකාවේ ත්‍රස්තවාදයට එරෙහි සටනට සැබෑ සහයක් නොදක්වන බවටත් ජනපති ට්‍රම්ප් චෝදනා කළා.
ඊට පිළිතුරු දෙමින් අගමැති ඉම්රාන් ඛාන් ඊයේ කියා සිටියේ ඇෆ්ගන් මෙහෙයුම්වලදී ඇමරිකාවේ අසාර්ථකවීම් තම රට වෙත පැටවීමට ජනපති ට්‍රම්ප් උත්සාහ කරන බවයි.
නේටෝ සෙබලූන් එක්ලක්ෂ 40,000ක් සහ ඇෆ්ගන් හමුදා දෙලක්ෂ 50,000ක් සමඟ ඩොලර් ටි‍්‍රලියනයක් වැය කරමින් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සිදුකළත්, තලෙයිබාන්වරුන් අද පෙරටත් වඩා ප්‍රබලව සිටින බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.