Gossips

පාකිස්තානයේ සිහිනය සුන් කළ නවසීලන්තයට සුපිරි ජයක්

නවසීලන්තය සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරඟය ලකුණු 4 කින් ජයගැනීමට නවසීලන්තය සමත්වුනා.
ක්‍රිකට් විචාරකයන් මෙය හැඳින්වූයේ පාකිස්ථානයට ලබගතහැකිව තිබූ පහසු ජයක් ගිලිහී ගිය අවස්ථාවක් බවටයි.
තුන්වන දිනය සදහා ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්ථානය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා.
ඔවුන් පලමු ඉනිම සදහා ලකුණු 227ක් රැස් කළ අතර, නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සදහා ලබාගත හැකිවූයේ ලකුණු 153ක් ක් පමණයි.
ඒ අනුව පාකිස්ථානයට තරඟය ජයගැනීම සදහා ලකුණු 176 ක ඉලක්කයක් අද දිනය ආරම්භයේදී හිමිව තිබුනා.
තරඟය ආරම්භයේ සිටම පාලනය සියතට ගත් නවසීලන්තය පාකිස්තානයේ කඩුලු එකින් එක දවාගැනීමට සමත්වුනා.
කෙසේ වෙතත් ආරක්ෂාකාරී පිතිකරණයක නියැලෙමින් තරඟය අවසාන මොහොත දක්වා Azhar Ali නවසීලන්තයට දැඩි පීඩනයක් එල්ලකළා.
මේ අතර ඉතා පහසු ජයක් තම කණ්ඩායම අභියස තිබියදී පකිස්ථාන කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ගේ වගකීම් විරහිත පන්දුවට පහරදීම පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
Ajaz Patel තරඟයේ වීරයා වෙමින් අද දිනයේ කඩුලු 5 ක් දවාගත්තා.
තරඟයේ නොසිතූ පරාජයක් පකිස්ථානයට අත්කරදුන් අද දිනයේ විශේෂ අවස්ථා පහතින්.
rn
rnrnrn
rn