Gossips

අද පාර්ලිමේන්තුව මිනිත්තු 5යි – සිකුරාදා 10.30ට යළි රැස්වේ

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරිසිරිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු එකට ආරම්භ වූ පාර්ලිමේන්තු සභා වාරය මිනිත්තු 5 කට පමණක් සීමාවුණා. ඒ, අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා නව තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කිරීමත් සමඟයි.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23 වන දා දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා පියවර ගනු ලැබුවා.
එහිදී නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අදහස් දක්වා සිටියා.