Gossips

දාහත් ලක්ෂයකට රැකියා අවස්ථා

අන්තර්ජාල ආර්ථිකය මගින් වසර 2025 වන විට ආසියා – පැසිෆික් කලාපයේ නව පූර්ණ කාලීන රැකියා අවස්ථා 17 ලක්ෂයක් බිහි කරනු ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
එය කලාපයේ දැනට පවතින අන්තර්ජාල රැකියා අවස්ථා තුන් ගුණයකින් ඉහළ යාමක්.
ගූගල් සහ ටෙමසෙක් ආයතන මගින් පැවැත්වූ එම අධ්‍යයනයේ ප්‍රතිඵල අද ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.
එමගින් සඳහන් කර ඇත්තේ 2025 වන විට අග්නිදිග ආසියාවේ අන්තර්ජාල ආර්ථිකයේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 240 ඉක්ම වනු ඇති බවයි.