Gossips

පාර්ලිමේන්තුවේදී සාමකාමීව කටයුතු කිරීම පිළිබඳව ජනපතිගෙන් තුති

අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සාමකාමීව, ඒකමතික ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් සියළු පක්ෂ නායකයින්ට සහ මන්ත්‍රීවරුන්ට තම ස්තූතිය පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා සහ පක්ෂ නායකයන් අතර පැවති රැස්වීමෙන් අනතුරුව අද (19) දිනයේ ඔවුන් මෙලෙස කටයුතු කර ඇති බවයි.
අද දිනයේදී නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පස්වරු 1ට පමණ රැස්වූ අතර එය විනාඩි 5කට පමණ සීමා වූයේ තේරීම් කාරක සභාවක් පත් කරන බවට ගත් තීරණයත් සමඟයි.
ඒ අනුව පාර්ලිමේන්තුව එළඹෙන 23 වන දා දක්වා කල් තැබුණා.