Gossips

“හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි“ පළමු වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන (ඡායාරූප)

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් “හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි“ වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි තිලිණ කිරීම පසුගියදා ඇරඹුණා.
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් පළමු වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ මාතර ප්‍රදේශයේ පදිංචි එච්.එම් යසස් රුසිරුයි.
හිරු අසන්නන් අතුරින් ඊට අදාළ ජයග්‍රාහකයා උදෑසන 7ත් පස්වරු 6ත් අතර විකාශය කෙරෙන ගුවන් විදුලි වැඩසටහන් අතරතුරදී තෝරා ගනු ලබනවා.