Gossips

ගින්නකින් නිවසකට හානි (ඡායාරූප)

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවසක ඇතිවූ එම නිවස සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි බගවන්තලාව පොලිසිය පවසනවා.
අද (21) උදෑසන 7 ට පමණ හටගත් ගින්න සෙසු වතු නිවාසවලට පැතිර යාම වතු කම්කරුවන් විසින් පාලනය කර තිබෙනවා.
ගින්නෙන් නිවසට හානි සිදුවී ඇති අතර පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු භාහිරාදිය ද විනාශවී ඇතැයි සඳහන්.
දෙවියන් නැමදීම වෙනුවෙන් නිවෙස් හිමිකරුවන් දැල්වූ පහනක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි මුලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ