Gossips

පොහොර සහනාධාරයට වැය කළ මුදල බිලියන 45 ඉක්මවයි

පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 45 දක්වා වැඩි කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
යළ කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 5 ක වී වගාව සිදුකළ අතර, පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට එය හෙක්ටයාර අටලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
දැනට වී වගාව සඳහා යූරියා පොහොර මිටියක් රුපියල් 500 කටද, අතුරු භෝග සඳහා ලබාදෙන යූරියා පොහොර මිටියක මිල රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම මිශ්‍ර පොහොර මිලද රුපියල් 1100 දක්වා අඩුකර ඇති බව සඳහන්.