Gossips

යුරෝපා සංගමය තවදුරටත් ශක්තිමත් විය යුතුයි, ප්‍රංශ ජනපතිගෙන් ප්‍රකාශයක්

යුරෝපා සංගමය තවදුරටත් ශක්තිමත් විය යුතු බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.
ජර්මනියේ සංචාරයක නිරත ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එරට පාර්ලිමේන්තුව අමතමින්.
ප්‍රංශය සහ ජර්මනිය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වුවහොත් එය සාර්ථක කරගැනීමට හැකි බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම යුරෝපා සංගමයට, ඇමරිකාව වැනි රටවලින් බලපෑම් එල්ල වීම වලක්වා ගත යුතු බවද මැක්‍රොන් තවදුරටත් කියා සිටියා.