Gossips

පාන්දර ඇවිත් හපුතලේ සහ දියතලාවේ වෙළඳසැල් බින්ඳ හොරා

හපුතලේ සහ දියතලාව නගරයේ වෙළඳසැල් කිහිපයකට ඊයේ (18) අලුයම් කාලයේ හොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු ඒවායේ තිබූ මුදල් සොරාගෙන තිබෙනවා.
ලක්ෂ 04 ක‍ට ආසන්න මුදලක් අදාල පුද්ගලයා විසින් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
වෙළඳසැල් වල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල පටිගත්වී ඇති දර්ශන සහ පොලිස් නිල සුනඛයින් යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනු ලබන බවයි හපුතලේ පොලිසිය පවසන්නේ.
අප කළ විමසීමකදී හපුතලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙම සොරකම් සඳහා සැකකරු යතුරුපැදියකින් පැමිණ ඇති බවයි.
ඒ ඔස්සේ ද පොලිස් පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
සැකකරු වෙළඳසැලකට ඇතුළු වී සොරකමේ යෙදෙන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්.