Gossips

කෂෝගි ඝාතන හඩ පටයට සවන්දීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඩ පටයට සවන්දීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ කෂෝගි ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහුගේ හ`ඩ පටිගත වී ඇති මෙම හඩ පටයට සවන්දීම ඉතා අපහසු කාර්යයක් බවයි.
මේ අතර මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සෞදි අරාබියේ මොහොමඞ් බින් සල්මාන් කුමරු ඍජුවම සම්බන්ධ බවට ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාව හෙළිදරව්වක් සිදුකළා.
ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති මොහොමඞ් බින් සල්මාන් කුමරුගේ සොහොයුරු කාලිඞ් බින් සල්මාන්, ජමාල් කශෝගිට ලබාදුන් දුරකථන ඇමතුමක් ද පරීක්ෂාවට ලක් කිරීමෙන්.
කෙසේ වෙතත් සෞදි රජය අදාළ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පසුගිය ඔක්තෝම්බර් 2 වන දා කොන්සල් කාර්යාලය තුළ දී කශෝගි, සෞදි නියෝජිතයන් විසින් ඝාතනය කර ඔහුගේ සිරුර ඇසිඞ්වල දිය කර විනාශ කළ බව පසුව හෙළිදරව් වුණා.